කූඹි රැලක් දුටුවෙමි
එහෙ මෙහෙ දුවනා
රජෙකු නැතත් මඟ පෙන්වන්නා
පුදුම තමයි උන් කරනා වැඩ ගොන්නා
නායකයෙකු රජෙකු මොළයක් ඇතත්
කර පින්නා
වැනි වැනි කල් මරණා මිනිසුන් ගැන
දුක සිතුනා
තැන තැන වීදි බැස මොරගැසුවා
වෙන් වෙන් වී කල සටනින් හති වැටුනා
එක කොටුවක් එක පහරින් සුන් වෙන්නා
එලෙසින් කියා ඇති උපදෙස් සිහිවෙන්නා
තැන තැන විසිර අති තරු වල මද ආලෝකේ
එක් තැන් කළොත් ඇති වෙයි මහ ආලෝකේ
කවදද කොතැනද මෙම තරු එක් වන්නේ
එක් වී සුර්යයා මෙන් දුක නැති කර වන්නේ
ජීන් ෂාප් නම් ඇඳුරා කියා ඇත
දැඩි පාලකයන් සමඟ සකච්ඡා වැඩක් නැත
තැන තැන බුරනා වල් බල්ලෝ ලෙස
නුබුරා එක් වෙමු අපි එක රැළ ලෙස
තැන තැන කෑගසනා මිනිස් රැළ
කුඩු කර බිමදමයි මේ යක්ෂ රැළ
එක් වුවොත් එකමුතු එක රැළක් ලෙස
පාගා දැමිය හැක මුන්ව තණ ගසක් ලෙස
Showing posts with label එක් වෙමු. Show all posts
Showing posts with label එක් වෙමු. Show all posts
Wednesday, November 28, 2012
Subscribe to:
Posts (Atom)
වැදගත් තැනක මුල්තැන
වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...
-
බලන බලන හැම අත, ලෝක විනාශය ගැන කතා බහක් ඇත. බ්ලොග් ලියන මාරයා ලෙස හඳුන්වන අයෙක්ද මේ ගැන ලියා ඇත. සත්‍යයක්ද වෙන්නට යන මේ මහ විපත. කියන්න...
-
වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...
-
අප සැමට සෑම විටම ක්‍රියාශීලීව සිටිම පහසු නැත. දිනක ඉතාමත් ක්‍රියාශීලී වන අප තවත් දිනක අක්රියාශිලි කම්මැලි තත්වයකට පත්වෙයි.මේසේ වන්නට ප්‍රධ...