Tuesday, March 19, 2013

කුරුළු පැටවුනේ පරිස්සමින්

වෙහෙස කර දිනකට පසු ගොඩවුනෙමි බසයකට මම. පුංචි කුරුළු ජෝඩුවක් මුල්ලකට වෙලා අවසාන පෙලේ බර කතාවකට වැටිලා.  යන්තම් සිනාසි මම අවෙමි ඉදිරි පේලියට. යන්න නොලැබුනි ටික දුරක්, නයිනමඩම හරියටවත්......... 


දැඩි ශබ්දයක් සමඟ බසය නතරවුනි, හරවා බැලුවෙමි හිස. පිටුපසින් ආ රථය දැවටිලා අප බස් රථය සමඟ. පුංචි කුරුළු ‍ජෝඩුව ලං වෙලා තවතවත් හනියක් නැත, ඔවුන් ගැලවිලා. බසින්න වුනි බසයෙන් හනික මට මේ අනතුර නිසා. 


පුංචි ජොඩුවත් සිට ගත්තා මා අසල. අයියේ මේ කොහෙද? විමසුවා කිරිල්ලි කුරුල්ලාගෙන්. කුරුල්ලා දුනි පිළිතුරක් අප ඉන්නා තැන කියා. මේ කිරිල්ලි තමන් යන තැනවත් නොදන්නා අහිංසකාවියකි තම මුළු විශ්වාසය කුරුල්ලට පවරා. 


ඉතිං ඊට පස්සේ ....................................


මේවගේ නංගිලා කිදෙනෙක් යනවා ද තාමාගේ පෙම්වතා එක්ක තමන් යන තැනවත් නොදැන. ‍බොහෝ අය ගෙදර එන්නේ තමන්ගේ ජිවිතේ සම්පුර්ණයෙන් වෙනස් කර ගෙන. ගෙදරින් ගිය පුංචි දෝනී,ආපසු අවේ ගෑනියක් වෙලා කියලා දන්නේ අම්මලා කීදෙනාද? 


ඒ නිසා කෙල්ලනේ පරිස්සමින්, යන තැනක් ගෙදරට හන්ගන්න එපා. ඔයාලට වැඩියෙන්ම ආදරේ ඔයාලාගේ දෙමව්පියෝ, ඒ නිසයි එයා ඔයාලට තහංචි දාන්නේ. කොල්ලෙක් එක්ක යනවා නම් මිනිස්සු ඉන්න තැනකට යන්න. හුදෙකලා වෙන්න එපා. 


කොල්ලනේ ඔයාලත් කෙල්ලන්ට ආදරේ කරන්න. නමුත් එයාලව අසරණ කරන්න එපා. එතකොට වයසට ගියත් ඔයාලා සන්තෝෂෙන් ඉදීවි.

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...