Showing posts with label fight for right. Show all posts
Showing posts with label fight for right. Show all posts

Wednesday, November 28, 2012

එක් වෙමු

කූඹි රැලක් දුටුවෙමි
එහෙ මෙහෙ දුවනා
ර‍ජෙකු නැතත් මඟ පෙන්වන්නා 
පුදුම තමයි උන් කරනා වැඩ ගොන්නා 
නායකයෙකු රජෙකු මොළයක් ඇතත් 
කර පින්නා 
වැනි වැනි කල් මරණා මිනිසුන් ගැන
දුක සිතුනා 

තැන තැන වීදි බැස මොරගැසුවා
වෙන් වෙන් වී කල සටනින් හති වැටුනා 
එක කොටුවක් එක පහරින් සුන් වෙන්නා
එලෙසින් කියා ඇති උපදෙස් සිහිවෙන්නා

තැන තැන විසිර අති තරු වල මද ආලෝකේ 
එක් තැන් ‍කළොත් ඇති වෙයි මහ ආලෝකේ 
කවදද කොතැනද මෙම තරු එක් වන්නේ 
එක් වී සුර්යයා මෙන් දුක නැති කර වන්නේ 

ජීන් ෂාප් නම් ඇඳුරා කියා ඇත 
දැඩි පාලකයන් සමඟ සකච්ඡා වැඩක් නැත 
තැන තැන බුරනා වල් බල්ලෝ ලෙස 
නුබුරා එක් වෙමු අපි එක රැළ ලෙස 

තැන තැන කෑගසනා මිනිස් රැළ 
කුඩු කර බිමදමයි මේ යක්ෂ රැළ 
එක් වුවොත් එකමුතු එක රැළක් ලෙස 
පාගා දැමිය හැක  මුන්ව තණ ගසක් ලෙස 


වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...