Showing posts with label Life. Show all posts
Showing posts with label Life. Show all posts

Monday, November 26, 2012

පිළිවෙලක් නැති කල ලෝක විනාශය අත ලඟ

බලන බලන හැම අත, ලෝක විනාශය ගැන කතා බහක් ඇත. බ්ලොග් ලියන මාරයා ලෙස හඳුන්වන අයෙක්ද මේ ගැන ලියා ඇත. සත්‍යයක්ද වෙන්නට යන මේ මහ විපත. කියන්නට වචන නැත මේ බොරුව ගැන, මෝඩ ආතල් අපට දෙන්ට සැරසෙන මෝඩ රැල කීයාපන් ඔවා කොණ්ඩේ බැඳි චීනුන්ට.



ඇත්තටම ඔය කියන අයුරින් විනාශයක් එන්නේ නෑ. විනාශයක් එනවා නමුත් දවස අපිට කියන්න බෑ ඒක හරියට එන්නේ සොරෙක් එනවා වගේ. ඒ විනාශය එන්නේ හොඳ මනුෂ්‍යයන්ට නෙමේ දුෂ්ටයන්ටයි. බයිබලයේ කියන්නේ ඒ වගේ අදහසක්, නමුත් කෙනෙක්ට පුළුවන් තමන්ගේම විනාශය ඇති කර ගන්න. කොහොමද? පිළිවෙලක් නැති ජිවිතයක් තුළින්, ඒ දේ ඔනෑම කෙනෙකුට පහසුවෙන්ම කර ගත හැකියි. 


ජිවිතය පිළිවෙල කර ගන්න නම් අපි මොනාද කරන්න අවශ්‍යය. අපේ අභ්‍යයන්තර සිතුවිලි එයට‍ ගොඩක් බලපානවා. ලස්සන කාර් එකක් ගැන හිතන්න,


හොද පෙනුමක් තිබුනට එන්ජිම සවුත්තු නම් වාහනේ වැඩක් නෑ නේද? අන්න ඒ වගේ අපේ අභ්‍යන්තරය නිසල වුනොත් බහිර ත්තවයත් නිසල කර ගත හැකියි. නමුත් ස්භාවයෙන්ම අපි චන්චලයි. නමුත් අපව සන්සුන් කරන ක්‍රම තිබෙනවා. බොහෝ දෙනෙක් මේ ක්‍රමය භාවනාව කියා හඳුන්වනවා, නමුත් මා භාවනාව සමඟ එකඟ නෑ. භාවනාව අපව අන්තයකට රැගෙන යනවා. නමුත් කාරනා ගැන සන්සුන්ව සිතීම ඊට වාඩා වෙනස්. අපගේ දවසේ වැඩකටයුතු අරමුණු කරගෙන දෙඇස් පියාගෙන ඒවා එකින් එක කල්පනා කරන්න. මේ සඳහා පැය භාගයක් ඇති. සෑම දෙයක්ම සමබරව කිරීම ඉතාම යහපත්. 

අනිත් අතට අභ්‍යන්තර තත්වයට බාහිර තත්වයත් බලපානවා. ගිනිගොඩක් මත තිබෙන වතුර කොප්පයක් සිසිල්ව තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එසේ විය නොහැකියි. ඒ අනුව බාහිරෙන් පිළිවෙලට ජිවත් වීම අත්‍යවශයි. දිනකට පැයක් වෙන් කර ගන්න. ඒ පැයේදී සියලුම දේවල් පිළිවෙලකට සකසා ගන්න. එමෙන්ම මාසයකට දිනයක් වෙන් කරන්න. එදින තුළදී අවට තිබෙන දෑ පිළිවෙල කරන්න. එම නිසල බව, පළිවෙල ඔබගේ අභ්‍යන්තරයට බලපායි. ඊලඟට දිගුකලීන ඉලක්ක, කෙටි කාලීන ඉලක්ක ගැන කථා කරමු. 

Saturday, November 17, 2012

1/4 සටහන

අදත් ඉස්සෙල්ලාම කථාවක් කියන්නම්කෝ .............................



ඇත්ත කියන හමුදුරුවෝ ඉස්සර දවසක මුහුදු ගමනක් ගියා. මේකට එයාගේ යළුවෙකුත් හවුල් වුනා. මේ යාළුවාගේ නම මණ්ඩුක. මේ ගොල්ලෝ භායානක මුහුදකට ඇතුල් වුනා. අඳුරු වළාකුළු අතරින් භිහිසුනු සුළි  සුළඟක් හමාගෙන ආවා. අවසනාවකට ඇකි හමුදුරුවෝ හිටපු නැවත් මේ කුණාටුවට හසුවුනා. කුනාටුව ඉවර වෙලා ඉර පායනකොට ඉතුරුවෙලා තිබුනේ නැවේ සුන්බුන් විතරයි. මේ සුන්බුන් අතර ඔන්න කෙනෙක් ඔළුව උස්සනවා.............. කවුද මේ ...... ඒ අපේ ඇකි හමුදුරුවෝ. එයා ආමාරුවෙන් කොටයක එල්ලිලා ඉන්නවා. එයා ඔළුව උස්සලා බලද්දි දැක්කා එයාගේ යාළුවා බඩගෙඩියත් උඩ දාගෙන නැවේන් ඉතුරු වුන කෑල්ලක වැතිරිලා ඉන්නවා. හාමුදුරුවෝ ‍බොහෝම අමාරුවෙන් මණ්ඩුක ඉන්න නැව් කොටසට ගොඩවෙලා හබල් ගාන්න ගත්තා. දවල් වෙනකොට මෙයාලා ආවා ගොඩබිමකට. 


   වෙරළට සෙන්දුවෙලා වැඩි කාලයක් යන්න ලැබුනේ නෑ මෙයලාව ගෝත්‍රිකයෝ පිරිසක් වටකර ගත්තා. ඔය දෙන්න තමා අපිට දෙවියෝ දුන්නු රජවරු දෙන්නා. අද ඉඳලා අවුරුද්දක් ඔයාලා රජ වෙනවා අවුරුද්දකට පස්සේ උඹලා දෙන්නාව අර පාළු දුපත් දෙකට දානවා. ඒකට කැමතිද? කියලා ගෝත්‍රිකයන්ගේ නායකයා ඇහුවා. ඇකි හාමුදුරුවෝ ඒකට කැමති වුනා. මණ්ඩුක කව් දුපතේ රජවුනා, ඇකි හාමුදුරුවෝ දියු දුපතේ රජවුනා. 

   නමුත් ඇකි හාමුදුරුවෝ රෑ දාවල් නැතුව කල්පනා කලේ අවුරුද්දකට පස්සේ එන මරණයෙන් ගැලවෙන්නේ කොහොමද කියලයි. කල්පනා කරලා මෙයා එයාගේ සේවකයින්ව කැදෙව්වා. සේවකයිනි මට අවශ්‍යයි අවුරුද්දකට පස්සේ මාව උඹලා දාන්න යන දුපත බලන්න. සේවකයෝ මේකට එකඟ වුනා. 

      හාමුදුරුවෝ මේ දුපතට යනකොට දුපත විශාල ගස් වලින් වැහිලා ජරා ජිරන වෙලා තිබුනේ. ‍එතෙක් මේ දුපතට ගෙනැවිත් දාපු රජවරුන්ගේ මළ කඳන් තැනින් තැන විසිරිලා තිබුනා. ඇකි හාමුදුරුවෝ ඉක්මනින් තමන්ගේ මාලිගාවට ආවා. ඇවිල්ලා මේ දුපත දියුණු කරන්න තිරණය කරා. මේ ගැන මණ්ඩුකටත් කියලා පණිවිඩයක් යැව්වා. නමුත් මණ්ඩුක කිව්වා මම හොදට රජ සැප විදිනවා මට ඔවා හිතන්න ඔනෑ නෑ කියලා. 

      ඇකි හාමුදුරුවෝ අවුරුද්ද මාස 12ට බෙදුවා. ඊට පස්සේ ඒ ඒ මාසේදී දුපත සංවර්ධනය කරන්න ඔනා දේවල් පිළිවලකට සටහන් කරා. පහුවෙනිදා එයා සේවකයන්ට කතා කරාලා එයාගේ වැඩ පිළිවෙල පෙන්නුවා. එයාගේ රාජකීය බලය යොදා ගෙන දුපත සංවර්ධනය කරන්න පටන් ගත්තා. සෑම මාසයකම එයා ඉදිරියට ගියා දුපත ගොඩනැගුවා. මණ්ඩුක කකා බිබී හිටියා.  

          අවුරුද්ද ඉවරවෙනකොට ඇකී හාමුදුරුවෝ බොහෝම ලස්සන මාලිගාවක් දුපතේ හදලා තිබුනා.  නමුත් මණ්ඩුක කාලේ නාස්ති කරකර හිටියා. ඒ නිසා මන්ඩුක එයාගේ දුපතට අඬ අඬ යනකොට ඇකි හාමුදුරුවෝ ‍බොහෝම සතුටින් එයාගේ දුපතට ගියා. 

                මේ කතාව මම කිව්වේ කාලය කළමණාකරණය කිරීම ගැන කියන්නයි. ඇත්ත කියන හාමුදුරුවන්ට තිබුනේ දවස් 365යි.  අපිට තව කොච්චර දවස් තියෙනවද ? හිතමු ඔයාට අවුරුදු 20යි කියලා. ලංකාවේ විදියට තව අවුරුදු 60ක් ඒ කියන්නේ ගොඩක් අය අවුරුදු 80ක් වගේනේ ජිවත් වෙන්නේ එත‍කොට අපිට ජිවත්වෙන්න ඉතුරුවෙලා තියෙන්නේ දවස් 21900යි පමණයි. ඒකෙන් නිදා ගන්න වෙලාව ඇරියම අපට තියෙන්නනේ දවස් 14640යි මාස 481යි. ජිවිතේ කොච්චර කෙටිද? මණ්ඩුක වගේ තව දවස් තියෙනවානේ කියලා නිකම් හිටියොත් කොච්චිය ගිහින් හමාරයි, කොල්ලනේ කෙල්ලනේ. ඒ නිසා අපේ දවස් අපි  ඥනවන්තව පාවිච්චි කරමු. ඒකට තියෙන හොදම දේ තමයි කාල සටහනක් භවිතා කරනඑක. 

               කාල සටහන හදන්න කලින් කොලයකුයි පෑනකුයි අරගෙන දවසේ කරන්න තියෙන වැඩ වල ලයිස්තුවක් ගන්න. ඒ වැඩ ලයිස්තුව ගන්න කොට කැමති නම් ලයිස්තුව බෙදා ගන්න. පාසලේ වැඩ, ගෙදර දොරේ වැඩ, වැඩපලේ වැඩ, විනොදය සඳහා කරන දේවල් අදී ලෙස. දැන් දින 7ට ඒවා වෙන් කරන්න. උඩ මම මගේ කාල සටහන දලා තියෙනවා. 
ලෝකයට බහිවු දා මා 
ලොවම සිනාසුනා මා ඇඬුවා 
ලෝකයෙන් නික්ම යන දා මා 
සිනාවෙලා ලොවම හැඬවුවා 

දිග වැඩියිනේ......................... අපි බලමු අරමුණු ගැන...... ඊලඟ ලිපියෙන් 

Wednesday, November 14, 2012

දෙවන පියවර

මට දැන් නොලියා ඉන්න හිතේන්නේම නෑ. මොකද මම ලියන දේවල් පහුගිය දවස් දෙකේ ගොඩක් දෙනෙක් කියවන බව මම දන්නවා. අද වැඩට යන්න කලින් තමයි මේක ලියුවේ. ඒ කියන්නේ දීපවාලී දවසේ නමුත් මම අදත් වැඩට යනවා. වැඩ කරන එකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. පැති 3 කින් ඒක මට උපකාර කරනවා.
  1. මට පඩියක් ලැබෙනවා 
  2. මට අද්දැකීම් ලැබෙනවා 
  3. මම ආස කරන නිර්මාණ Designs කරන්න ලැබෙනවා 


මම ගැන කියෙව්වා ඇති නේද? දැන් ‍අපේ මාතෘකාවට බහිමු. මම කියපු   දේ අහලා ඔයාලා ඊයේ පෙරේදා උදේම නැගිටින්න ඇති. ඒ වගේම ව්‍යයාම කරන්න ඇති. දැන් ඔයාලා ශක්තිමත්. ජිවිතේට මුහුණදෙන්න ඒක වැලඳගන්න. ජිවිතේ කියන්නේ අපි පුංච් කාලේ(සමහර කොල්ලෝ කෙල්ලෝ තාම මේක කරනවා) තුරුළු කර ගත්තු කොට්ටේ වගේ. ගොඩක් සුන්දරයි. නුමත් මේ සුන්දර ජිවිතය අසුන්දර කරන්න ගොඩක් දේවල් අපි තුළම තියෙනවා. බොහෝ තරුණ අයට මානසික පීඩනය දැනෙන්නේ වැඩ වැඩි වුනාම. ඔළුවට   උඩින් වැඩ අම්මා තාත්තා කෑගහනවා, නැත්නම් ආයතනයේ ලොක්කා, ඇයි අපේ ගුරුවරු ඔන්න එතකොට අපේ මානසීක පිඩනය වැඩි වෙනවා. මෙහෙම වෙන්න හේතු 2ක් තියෙනවා. 

  1. පිලිවෙලක් නැතිකම 
  2. කාලසටහනක් නැතිකම 
එක එකටම බලමු 


පුංචි කාථාවක් කියන්නම් කෝ මුලින්ම 

ඇත්ත කියන හාමුදුරුවෝ දවසක් තරුණ ළමයි පිරිසකට දේශනයක් දුන්නා. එයා මුලින්ම වීදුරු බෝතලයක් පෙන්නලා ඇහුවා මේ ගල් හා වැලි ඔක්කොම වීදුරු බෝතලයට දාන්න පුළුවන්ද කියලා. ගොඩක් තරුණ ලමයි කිව්වා එක කරන්න බෑ කියලා. නමුත් හමුදුරුවෝ මොකද කරේ, බොහෝම සීරුවෙන් ගල් ටික බොතලේ තුළට දැම්මා බොතලේ පිරුනා. ළමයි ඇහුවා ‍හමුදුරුවනේ මේ වැලිත් දාන්නා පුළුවන්ද කියලා. හමුදුරුවෝ කිව්වා ඔව් දාන්න පුළුවන් කියලා. ඊට පස්සේ හමුදුරුවෝ හෙමින් වැලි බොතලේට හැලුවා. ගල් අතරින් වැලි ඇතුල් වෙලා සේරම වැලි ටික බෝතලේට දාන්න පුළුවන් වුනා.  මේකෙන් අපිට පුංචි පාඩමක් ඉගෙනගන්න ලැබෙනවා. හිතලා බලන්න ඉස්සෙල්ලාම වැලි දැම්මා නම් ගල් ටික දාන්න හම්බවෙන්නේ නෑ. ඒ වගේ තමයි අපි කරන වැඩත් පිළිවෙලකට නොකරොත් ගල් ඉතුරු වුනා වගේ වැඩ ගොඩගැහෙනවා. නමුත් පලිවෙලක් ඇතුව කරා නම් සේරම වැඩ ඉවර කරන්න පුළුවන්. 

ඒකට කරන්න පුළුවන් හොදම දේ තමයි අපේ වැඩ සැලසුම් කර ගන්න එක. සෑම දවසකම උදේට නැත්නම් රෑට දවස සැලසුම් කරන්න. ලයිස්තුවක් සකස් කරන්න. පහුවෙනිදාට නැත්නම් අද දවස තුළ කරන්න ඔනා වැඩ මොනවාද කියලා. ඊට පස්සේ ඉක්මනින්ම කරන්න ඔනෑ වැඩ අංක එකට එන විදියට වැඩ අංක කර ගන්න. මුල් අංකය මුලින්ම ඉවර කරන්න. දවස අවසානේදී ඔයාට තේරෙයි විශාල වැඩ තොගයක් කළා කියලා. වැඩ ඉතුරු වුනොත් ඒවා ඊලඟ දවසේ මුලින්ම කරන්න. 

ම් ........... කාල සටහන හදන එක ගැන හෙට කථා කරමු නේ ................ 

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...