අදත් ඉස්සෙල්ලාම කථාවක් කියන්නම්කෝ .............................
ඇත්ත කියන හමුදුරුවෝ ඉස්සර දවසක මුහුදු ගමනක් ගියා. මේකට එයාගේ යළුවෙකුත් හවුල් වුනා. මේ යාළුවාගේ නම මණ්ඩුක. මේ ගොල්ලෝ භායානක මුහුදකට ඇතුල් වුනා. අඳුරු වළාකුළු අතරින් භිහිසුනු සුළි සුළඟක් හමාගෙන ආවා. අවසනාවකට ඇකි හමුදුරුවෝ හිටපු නැවත් මේ කුණාටුවට හසුවුනා. කුනාටුව ඉවර වෙලා ඉර පායනකොට ඉතුරුවෙලා තිබුනේ නැවේ සුන්බුන් විතරයි. මේ සුන්බුන් අතර ඔන්න කෙනෙක් ඔළුව උස්සනවා.............. කවුද මේ ...... ඒ අපේ ඇකි හමුදුරුවෝ. එයා ආමාරුවෙන් කොටයක එල්ලිලා ඉන්නවා. එයා ඔළුව උස්සලා බලද්දි දැක්කා එයාගේ යාළුවා බඩගෙඩියත් උඩ දාගෙන නැවේන් ඉතුරු වුන කෑල්ලක වැතිරිලා ඉන්නවා. හාමුදුරුවෝ බොහෝම අමාරුවෙන් මණ්ඩුක ඉන්න නැව් කොටසට ගොඩවෙලා හබල් ගාන්න ගත්තා. දවල් වෙනකොට මෙයාලා ආවා ගොඩබිමකට.
වෙරළට සෙන්දුවෙලා වැඩි කාලයක් යන්න ලැබුනේ නෑ මෙයලාව ගෝත්‍රිකයෝ පිරිසක් වටකර ගත්තා. ඔය දෙන්න තමා අපිට දෙවියෝ දුන්නු රජවරු දෙන්නා. අද ඉඳලා අවුරුද්දක් ඔයාලා රජ වෙනවා අවුරුද්දකට පස්සේ උඹලා දෙන්නාව අර පාළු දුපත් දෙකට දානවා. ඒකට කැමතිද? කියලා ගෝත්‍රිකයන්ගේ නායකයා ඇහුවා. ඇකි හාමුදුරුවෝ ඒකට කැමති වුනා. මණ්ඩුක කව් දුපතේ රජවුනා, ඇකි හාමුදුරුවෝ දියු දුපතේ රජවුනා.
නමුත් ඇකි හාමුදුරුවෝ රෑ දාවල් නැතුව කල්පනා කලේ අවුරුද්දකට පස්සේ එන මරණයෙන් ගැලවෙන්නේ කොහොමද කියලයි. කල්පනා කරලා මෙයා එයාගේ සේවකයින්ව කැදෙව්වා. සේවකයිනි මට අවශ්‍යයි අවුරුද්දකට පස්සේ මාව උඹලා දාන්න යන දුපත බලන්න. සේවකයෝ මේකට එකඟ වුනා.
හාමුදුරුවෝ මේ දුපතට යනකොට දුපත විශාල ගස් වලින් වැහිලා ජරා ජිරන වෙලා තිබුනේ. එතෙක් මේ දුපතට ගෙනැවිත් දාපු රජවරුන්ගේ මළ කඳන් තැනින් තැන විසිරිලා තිබුනා. ඇකි හාමුදුරුවෝ ඉක්මනින් තමන්ගේ මාලිගාවට ආවා. ඇවිල්ලා මේ දුපත දියුණු කරන්න තිරණය කරා. මේ ගැන මණ්ඩුකටත් කියලා පණිවිඩයක් යැව්වා. නමුත් මණ්ඩුක කිව්වා මම හොදට රජ සැප විදිනවා මට ඔවා හිතන්න ඔනෑ නෑ කියලා.
ඇකි හාමුදුරුවෝ අවුරුද්ද මාස 12ට බෙදුවා. ඊට පස්සේ ඒ ඒ මාසේදී දුපත සංවර්ධනය කරන්න ඔනා දේවල් පිළිවලකට සටහන් කරා. පහුවෙනිදා එයා සේවකයන්ට කතා කරාලා එයාගේ වැඩ පිළිවෙල පෙන්නුවා. එයාගේ රාජකීය බලය යොදා ගෙන දුපත සංවර්ධනය කරන්න පටන් ගත්තා. සෑම මාසයකම එයා ඉදිරියට ගියා දුපත ගොඩනැගුවා. මණ්ඩුක කකා බිබී හිටියා.
අවුරුද්ද ඉවරවෙනකොට ඇකී හාමුදුරුවෝ බොහෝම ලස්සන මාලිගාවක් දුපතේ හදලා තිබුනා. නමුත් මණ්ඩුක කාලේ නාස්ති කරකර හිටියා. ඒ නිසා මන්ඩුක එයාගේ දුපතට අඬ අඬ යනකොට ඇකි හාමුදුරුවෝ බොහෝම සතුටින් එයාගේ දුපතට ගියා.
අවුරුද්ද ඉවරවෙනකොට ඇකී හාමුදුරුවෝ බොහෝම ලස්සන මාලිගාවක් දුපතේ හදලා තිබුනා. නමුත් මණ්ඩුක කාලේ නාස්ති කරකර හිටියා. ඒ නිසා මන්ඩුක එයාගේ දුපතට අඬ අඬ යනකොට ඇකි හාමුදුරුවෝ බොහෝම සතුටින් එයාගේ දුපතට ගියා.
මේ කතාව මම කිව්වේ කාලය කළමණාකරණය කිරීම ගැන කියන්නයි. ඇත්ත කියන හාමුදුරුවන්ට තිබුනේ දවස් 365යි. අපිට තව කොච්චර දවස් තියෙනවද ? හිතමු ඔයාට අවුරුදු 20යි කියලා. ලංකාවේ විදියට තව අවුරුදු 60ක් ඒ කියන්නේ ගොඩක් අය අවුරුදු 80ක් වගේනේ ජිවත් වෙන්නේ එතකොට අපිට ජිවත්වෙන්න ඉතුරුවෙලා තියෙන්නේ දවස් 21900යි පමණයි. ඒකෙන් නිදා ගන්න වෙලාව ඇරියම අපට තියෙන්නනේ දවස් 14640යි මාස 481යි. ජිවිතේ කොච්චර කෙටිද? මණ්ඩුක වගේ තව දවස් තියෙනවානේ කියලා නිකම් හිටියොත් කොච්චිය ගිහින් හමාරයි, කොල්ලනේ කෙල්ලනේ. ඒ නිසා අපේ දවස් අපි ඥනවන්තව පාවිච්චි කරමු. ඒකට තියෙන හොදම දේ තමයි කාල සටහනක් භවිතා කරනඑක.
කාල සටහන හදන්න කලින් කොලයකුයි පෑනකුයි අරගෙන දවසේ කරන්න තියෙන වැඩ වල ලයිස්තුවක් ගන්න. ඒ වැඩ ලයිස්තුව ගන්න කොට කැමති නම් ලයිස්තුව බෙදා ගන්න. පාසලේ වැඩ, ගෙදර දොරේ වැඩ, වැඩපලේ වැඩ, විනොදය සඳහා කරන දේවල් අදී ලෙස. දැන් දින 7ට ඒවා වෙන් කරන්න. උඩ මම මගේ කාල සටහන දලා තියෙනවා.
ලෝකයට බහිවු දා මා
ලොවම සිනාසුනා මා ඇඬුවා
ලෝකයෙන් නික්ම යන දා මා
සිනාවෙලා ලොවම හැඬවුවා
දිග වැඩියිනේ......................... අපි බලමු අරමුණු ගැන...... ඊලඟ ලිපියෙන්
No comments:
Post a Comment