Monday, November 12, 2012

අපේ එක


අද අපේ පළමු දවසනේ, මම කැමතියි මේ බොලෝග් එක මොකක්ද කියලා හදුන්වා දෙන්න. මේක නිකම්ම විනෝදය ලබා දෙන්න කරන බොලෝග් එකක් නෙමේ. විනෝදයට වඩා වැඩි යමක් මේකේ තියෙනවා.  ‍විනෝදය දෙන ගමන් අපේ තරුණ තරුණියන්ව නඟා සිටවන්නයි මගේ වෑයම. අයි පොඩ් එක කනේ ගහගෙන වයි චැට් එකකට සෙට් වෙලා ජොලියේ ඉන්න තමයි අපි හැම කෙනාම කැමති.  හැබැයි අ‍යි පොඩ් එක ගලවලා බලද්දී කෝච්චිය ගිහිල්ලා නම් මම ස්ටේෂන් එකේ තනිවෙලා නම්, මට මොකද වෙන්නේ. ගොඩ දෙනෙක් මේ වෙලාවට තමන්ගේ ජිවිතෙන් සමුගන්නවා. එහෙම සමුනොගෙන ජිවිතේ ජය ගන්න උදව් කරන්නයි මේ බොලෝග් කොලේ ලියන්නේ. කොල්ලනේ කෙල්ලනේ අපි නිවැරදි දේ කලොත් අපි ගොඩ, නමුත් අපිට වරද්දලා වාසී ගන්න ගොඩක් දෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ අතර මුලින්ම ඉන්නනේ ව්‍යාපාරිකයෝ. හැමෝම නෙමේ, නමුත් ගොඩක් අය. අපි කෙලින් ඉන්නවා නම් මේ අයට අපිව ගොදුරු කර ගන්න බෑ. ඒ නිසා අපි කෙලින් හිට ගන්න ට්‍රයි කරමු. 

පළමු දේ 


අපි මුල ඉඳලා පටන්ගමු. උදේට අපි නැගිටින්නේ කොහොමද? හරිම අමාරුවෙන් ඇගබෙලි කඩලා ඈනුම් ඇරලා එපා කරපු විදියට නේද? බොරු කියන්නේ මොකටද ? මාත් ඉස්සර එහෙමයි, නමුත් පාන්දර නැගිටින එක ගොඩක් වටිනවා කියලා පහුගිය අවුරුදු වලදි මට තේරුනා. නැගිටලා නිකන් ඉන්න එපා. දුවන්න ඇවිදින්න, ජිවිතයට හොද තරඟයක් දෙන්න. ජිවිතයට ඔනෑ විදියට නෙමේ ඔයාට ඔනෑ විදියට ජිවිතය ගෙනියන්න. එහෙමන්ම් මම අයේ පාරක් ලියනකල් නතර වෙන්නම් ඔයාලට ජය. 

No comments:

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...