Wednesday, November 28, 2012

සීනි දිය වුනාට ගොනී දිය නොවේ

Jab Thak hai Jann කියන්නේ යාෂ් චොප්රාගේ අවසන් චිත්‍රපටියයි. මේ ගැන වැඩසටහනක් යන වෙලාවේ මම කල්පනා කරමින් උන්නේ මගේ බ්ලොග් එකේ යතුරු කරන්නේ මොනා වගේ සංකල්පද කියලා. මොකද අපේ කොල්ලෝ කෙල්ලෝ කැමති ගොඩක් දෑ තියෙනවා. ගෑනු ළමයා ෆැෂන් වලට කැමතියි. කොල්ලෝ කෙල්ලන්ට කැමතියි. අපිට වෙනස් වෙනස් අශාවන් තියෙනවා. මේ අනුව අපි එක් එක්කෙනා අපේ ජිවිත වල විවිධ අයව අනුගමනය කරනවා. ඒක හොදයි, දියණුවක් ලබන්න ඒක අපිට උදව් කරනවා. සෑම දෙයකම ලාභ පාඩු තියෙනවා. අනිත් අයව අනුගමනය කරන එකේ පාඩුව තමා අපේ ඔරිජිනල් ගතිය අවේණික බව නැති වෙනවා. 


කොපියක් නොවන කොපියක් බිහි වෙනවා. කොපි කිරීම පිළිබඳ මගේ විරොධයක් නෑ. කොපි කරන්න ඔනෑ මාත් කරනවා. ඒකට අපි Inspiration කියලා කියනවා. ඒකට හොදම උදාහරණය තමා ලෝක සුපතල චිත්‍ර ශිල්පී පිකාසෝගේ මෙම වදන් 


හොද කලාකරුවෝ කොපි කරනවා ශ්‍රේෂ්ඨ කලා කරුවෝ හොරකම් කරනවා. 
අපි කාගෙන් හෝ ආභාෂය ලබන්න ඔනෑ. ඔරිජිනල් ගතිය රුකගෙන. එහෙම කරන්නේ කොහොමද? පියවර තුනයි. 


  1. කවදා හරි ඔබ කවදා හෝ අවේනික නිර්මාණයක් කරා නම් ඒ ගැන කල්පනා කරන්න. සමහර විට ප්‍රථමික පන්තියේ වෙන්න පුළුවන් අපි ඔරිජිනල්ම වැඩ කරේ ඒ කාලෙනේ. මතකද මැටි වලින් කරපු වැඩ. ඒ වැඩේ කරපු විධිය හිතන්න. 
  2. දැන් කොලයක් ගන්න. ඔබගේ නිර්මාණය කරන දේ පිළිබඳ සටහනක් දාන්න. මාතෘකාවක් වගේ ලියා ගන්න. දැන් අපි මනකලතනය (brainstorm) කරමු. ඒ කියන්නේ මනසට එන සෑම දෙයක්ම ලියන්න. ඔබේ නිර්මාණයට අදාල වුනත් නැතත් ඒවා ලියා ගන්න. මේකෙන් ඔබේ මනසේ තියෙන සෑම අදහසක්ම එලියට එනවා. 
  3. දැන් අදාල නැති සියල්ල කපා හරින්න. ඔන්න දැන් ඔබට අවේනික යමක් එලියට එනවා. හිස් කොලෙන් ලස්සන හැඩයක් මතු වෙනවා. 
  4. දැන් කපා කොටා බේර ගත්තු අදහස ගොඩනගන්න. 
  5. යන සෑම තැනකම පොතක් ගෙන යන්න. එහි නව අදහස් සටහන් කරන්න. මේ ගැන පොලෝ කෝඒලෝ (සමහර සිංහල ගොයියෝ මෙය පවුලෝ කොයියෝ ලෙස කියයි නමුත් ඒ අය උගත් බයියන් යැයි මම කියමි. මේ ලේඛකයා පෘතුගීසි ජතිකයෙකි ඒ අනුව නම ශබ්ද විය යුත්තේ එලෙසය) ටුවිට් කර ඇත්තේ එලෙස ගෙන යායුතු නැති බවත් යම් අදහසක් වටිනවා නම් මනසේ රුදෙනවා කියායි. නමුත් ඔහු වැනි කෙනෙකුට එය සැබෑ වුවද අප වැන්නන්ගේ මනසට නැගෙන වටිනා අදහස් ඉවතට යාමක් විය හැක. එම අදහස් ඒ විධියටම පිටතට නැවත වරක් පැමිණෙන්නේ නැත. 
එසේනම් දරුවනේ ඔරිජිනල් බව රැක ගමු. 

එමෙන්ම පහලින් කොමෙන්ට් දාන්න.... අමතක කරන්න එපා. මඩ උනත් කමක් නෑ. 

No comments:

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...