Showing posts with label තරුණයා. Show all posts
Showing posts with label තරුණයා. Show all posts

Friday, November 30, 2012

ලේන්සුව

ආදර බර සොදුරු 
තරුණියන්ගේ අත් මා වටකර 
සැකසුවා මගේ කොන් හතර 
පැක් කරලා පලාස්ටික් කවරයක 

රෙදි ගොඩවල් අතර 
රැගෙනවිත් කඩයකට 
උස් රාක්ක මත
සිටියෙමි කාලයක් යන තුරු 

තරුණයෙකු පැමිණ දිනක 
මිලදී ගෙන මාව 
රුගෙන ගියේ ඔහු එක්ක 
ලෝකය පෙන්නන්න 

විලවුන් වලින් නහවා
දිනක් මා ඔහු එක්ක ආවා
යුවතියක් අතින් ගෙන 
බංකුවක කාලය කැවා 

මේලෙස කාලය ගතවුවා 
සර්ෆ් එක්ස් එල් වලට හුරු වුවා 
ගැමි යුවතිය දැනගන්න 
ඔහු නිතර එස්එම්එස් ගැහුවා 

අඳුරු වැහිබර දිනක 
කෙලසුවා ඔහු ඇයව 
ඇය කඳුළු වැගිරුවා 
වැටෙන කඳුළු මා බිව්වා 

සිහිවටනයක්ලෙස එදින 
ඇය මාව ගෙන ආවා 
ඇගේ සුවපහසු කබඩ් එක 
කොනක මා ගුලි වුවා

එස් එම් එස් ගැසුවා ඇය 
පිළිතුරක් නොලැබ 
ඇමතුවා දුරකථනයෙන් 
ගුලි වුනා දුකෙන් ඇද කොනක 

දින දින කඳුලින් ගෙවුනා 
අගේ කඳුළු මා බිව්වා 
ඔහු සමඟ තරහාගෙන 
විසිකෙරුවා මහ පොළව මත

නැවත දුරකථනය වැඩ කෙරුවා 
එස් එම් එස් ගසනවා මම දුටුවා
කීප දිනකින් ඇය සතුටින් ආවා 
මා වැනි ලේනුසුවක් අගේ අත වුවා 





වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...