Friday, August 9, 2013

ඉක්මනින් ක්‍රියාශිලි වන්න මඟ

අප සැමට සෑම විටම ක්‍රියාශීලීව සිටිම පහසු නැත. දිනක ඉතාමත් ක්‍රියාශීලී වන අප තවත් දිනක අක්‍රියාශිලි කම්මැලි තත්වයකට පත්වෙයි.මේසේ වන්නට ප්‍රධාන හේතු 2ක් තියෙනවා.

  1. ශාරීරක අපහසුතා හා දුර්වලකම් 

  1. මානසික දුර්වලකම්

1. ශාරීරික අපහසුතා 

ශාරීරික අපහසුතා ඇති වන්නේ බොහෝ විට අප වෙහෙස මහන්සී වී වැඩ කරන විටයි. අපගේ ක්‍රියාශීලීබව අඩු කිරීමට ශාරීරික දුර්වලකම් 30% පමණ බලපානව.  නමුත් එම වෙහෙස අවම කර ගැනීමට අපට හැකියාව ඇත. පහත ක්‍රියාකාරකම් අනුගමනය කිරීම අපගේ වෙහෙස අඩු කර ක්‍රියාශීලී බව වර්ධනය කරවයි. 

  • නිරතුරුව ජලය පානය කිරීම 

    • අපට ජලය නිරතුරුව අවශ්‍යය වේ. නමුත් වැඩත් සමඟ ජලය පානය කිරීම අපට අතපසු විය හැක. නමුත් අපගේ ක්‍රියාශීලී බව රැකගන්න අවශ්‍යම සාධකයක් වන්නේ ජලයයි. පොඩි ප්‍රමාණයක් විනාඩි 15කට වරක් බොන්න.

  • නියමිත වේලාවට අහාර ගැනීම 

    • නියමිත වෙලාවට අහාර ගන්න. එනම් සෑම දවසකම උදේ 8ට කෑම ගන්නවා නම් උදේ 8ට එය නොවරදවා ලබා ගන්න. අපගේ ශරීරය සතු ජිවව ඔරලෝසුව (අපගේ ශරීරය කටයුතු කරන්නේ නියමිත කාලයකට අනුවයි. එනම් සෑම දිනකම බඩ ගිනි දැනෙන්නේ, නිදිමත ඇති වන්නේ එම අභ්‍යන්තර කාල ගණිතයට අනුවයි) නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැක. ඒ අනුව අපගේ උපරිම ක්‍රියාශීලී බව ඇති වේ. 

  • නියමිත වේලාවට නිදාගැනීම 

    • අපට පොඩි කාලේ කිව්වේ පැය 8ක් නිදා ගන්න කියායි. නමුත් නිදාගන්න අවශ්‍යය පැය ගනනට වඩා නියමිත වේලාවට නිදාගැනීම වැදගත් වේ.

  • ව්‍යයම වල නිරත වන්න 

    • ව්‍යයාම  වල නිරත වීම අපගේ රුධීර සංසරණය වැඩි කරවයි. අවශ්‍යය ස්ථාන වෙතට රුධීරය ගෙන යාමා තුළින් ක්‍රියාශීලී බව වැඩිවේ. 

2. මානසික දුර්වලකම්  

         අපගේ ක්‍රියාශීලී බව 70%ක්ම රඳා පවතින්නේ මානසික තත්වයන් උඩයි. දින ගණනාවක් නිරාහාරව සිටියත් මනස ප්‍රබල නම් ක්‍රියාශීලී බව රැක ගත හැක. මනස ඉහල ස්භාවයක තබා ගන්න නම් ධන නැත්නම් යහපත සිතීම අවශ්‍ය වේ. අපගේ පසුබිම නිසා නිතරම අයහපත සිතෙන අවස්ථා ඇත. ඒ වෙලාවලදී සිතනවා වෙනුවට වෙනත් යමක් කරන්න. ගීතයකට සවන් දෙන්න. සිත යහපත් වන තුරු එය කරන්න. 

         තේ, කෝපි වැනි මනස ඉහිල් කරවන පානයක් බොන්න. 




1 comment:

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...