Monday, December 10, 2012

රතු වැස්ස

රතුපාට රතු වැස්ස අරුමයක් වී මුළු ලංකාවට, කලකට පෙරත් රතු වැස්සක් වැස්ස මුළු ලංකාවම දවන. රතු සෙබළු, රතු සහෝදරවරු දිගටම ගැසුවා කැරලි, සොලවන්ට බලය සාමාජවාදය පදනම් කර ගෙන. අපේ ලොකු තාත්තා කැගෑසුවා සාලේ මැද, කස පහර දිය යුතු යැයි මහ ලොක්කන්ට. නමුත් කට වැසුනි ඔහුගේ. වසර 40ක් ගත වුවද අවේ නැත වාදේ සාමාජේ. ඇයි වුනේ මෙහෙම? ලෙනින් නැත මාර්ක්ස් ද නැත මහ පොළොවේ. ඔවුන් ඉපදුනු රටේද ඔවුන්ට තැනක් නැත.

මා පොත පතින් කියව දැනගත් පරිදි සාමාජවාදය යනු සෑම කෙනෙකුටම එක සාමාන තත්වයක් ඇති කිරිමයි. මේ තත්වය අති කරන්න රුසියාවේ උන්නු පොසතුන්ව ගහලා පන්නලා රජතුමාව මරලා දුප්පතුන්ව නිලධාරින් විදියට පත් කලා. නමුත් අද අපිට එවැනි ක්‍රමයක් අවශ්‍යය නැ. අපිට ගැලපෙන්නෙත් නැ. අද දින  අපට ඔනා මොන විදියේ සාමාජ වාදයක්ද?

අවවාදයයි මෙම ලිපිය කියවීමෙන් දේශපාලනය ඔබට එපා විය හැක. එමෙන්ම මා දේශපාලනයෙන් නිදහස් වු කෙනෙකි, එයට ගැඹුරු හේතුවක් ඇත. මාගේ ලිපි ‍සෑම විටම අවංකයි ඒ නිසයි ඔබව දැනුවත් කලේ.

නැවත ලිපියට

මම හිතන්නේ අපි ලෙනින් කල දේ අනිත් පැත්තට කළ යුතුයි. දුප්පතුන්ව මරන්න නේමේ කියන්නේ. පෝසතුන්ව දුප්පත් කිරීම හෝ ඔවුන්ගේ දේපල කොල්ල කා දුප්පතුන්ට දීම ‍වෙනුවට අපිට බැරිද දුප්පතුන්ව පෝසත් කරන්න. නමුත් මේ වගේ හිතන එක‍ට දේශපාලකයෝ විරුද්දයි. ඇයි කියලා අහනවද ඔයාලා මගෙන්? එයාලා විරුද්ද වෙන්නේ රටක ප්‍රශ්න දුප්පතුන් නැත්නම් එයාලට තැනක් නැතිවන නිසයි. එයාලගේ රැලි වලට මිනිස්සු නැති වන නිසයි. අදදින තිබෙන සෑම දේශපාලන වියාපායකම පොදු සාධකය වී තිබෙන්නේ තම බඩ තර කරගැනීමයි. සමාජවාදී/ ප්‍රජාතන්ත්‍රවාදී / එකාධිපති යන ඔනෑම දේශපාලන ව්‍යාපාරයක තිරය පිටුපස තිබෙන දුඟද හමන සත්‍යය වී තිබෙනවා. ඒ නිසා මෙවැනි ව්‍යාපාර වලට සහය දෙන්න එපා. ආ......... ඔයාලාගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ ද? ඒ වලට විසඳුම තමා තනි තනි පුද්ගලයා සවිගැන්වීම.

කොහොමද මේක කරන්නේ? ලොකේ බොහෝ අය මේ දේ කරමින් ඉන්නවා නිහඬව. ඉන් එක්කෙනෙක් තමා ග්‍රමින් ව්‍යාපාරයේ නිර්මාතෘ මොහොමඩ් යුනුස් (Muhammad Yunus). එයාට නොබෙල් ත්‍යගයත් ලැබුනා. අනේ අපේ කොල්ලෝ කෙල්ලෝ දේශපාලන ව්‍යාපාර වල කට ලේ රහ වෙනකල් හම කලුවෙනකල් අරගල කලා නේද? නමුත් බොහෝම සොච්චමයි ලැබුනේ. ඒ වෙනුවට අපි අපේ දියුණුවට මොනවා හරි කරමුද? බත් පැකට් 10 ක් හදලා ඒ දේශපාලන රැස්වීමටම වික්කා නම් උඹ ගොඩ නේද? ඒකෙන් තාත්තට අම්මට සැලකුවා නම් පවුලට කොච්චර සන්තොෂයක්ද!

සහොදරවරුනි අපි එකතු වෙමු නේද? අපේ අනාගතය විශිෂ්ඨ කර ගන්න එකතු වෙමු. දේශපාලනය, බල්ලන්ටවත් ප්‍රයෝජනයක් නැති දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරමු. ඔයාලා මේ වැඩේට ආස නම් මට ඊමේල් එකක් එවන්න. 


ලෝකේ ගොඩක් සංවිධාන තියෙනවා තරුණයන්ට උදව් කරන. නමුත් ඒවල සල්ලිත් දේශපාලඥයෝ ගන්නවා. අරගෙන පනස් දාහේ කෑලී විදියට පන්සල් වලට බෙදනවා ඡන්දේ ගන්න. ඔන්න අපේ දේශපාලනේ. තව අය හෙල්පින් බනානා ලෑන්ඩ් කියලා ඒ සල්ලි තමන්ගේම අතේ තියා ගන්නවා. නමුත් තරුණ අපිට සමිතියක් තියෙනවා නම් මේ සල්ලි අරගෙන අපි හැමෝටම යහපතක් වෙන දෙයක් කල හැකියි. ඒ නිසා කමේන්ට හරහා හරි මේල් හරහා හරි සම්බන්ධ වෙන්න. 


No comments:

වැදගත් තැනක මුල්තැන

 වැදගත් තැනක මුල් තැන කියලා ඇඩ් එකක් තිබ්බා මතකද? අපේ පොඩි එවුන්ට නම් මතක නැතුව ඇති. මල කෙලියයි ලියන්න ගිය කුණුහබ්බේ මතක නැති වුනා නේ. කොහෙද...